Idikada
Idikada
F5 Studio
We talk about sinhala songs. We review it and talk about behind the scenes of the golden songs. This is the very first podcast doing this job in Sri Lanka. This is hosted by Sahan Samarasinghe & Review songs by Lakshan Madhuranga.
Idikada S01 E35
සුභාවිත ගීතය පිලිබඳව විමසන අපේ වැඩසටහන් පෙල විවිධාකාර වූ මංපෙත්වල ගවේෂණය කරන චාරිකාවක්. ඉතින් අද අපේ කතිකාවට බඳුන් කරන ගීතයත් එවන් වූ සුන්දර සාහිත්‍ය ලාලිත්‍යයකට සැකසුනු ගීතයක්. එක් අතකින් මෙම ගීතයේ තේමාවද සුවිශේෂියි. එසේම විවිධ අරුත් ගෙන දෙනවා... නමුත් මෙම ගීතයේ සැබෑම අරුත සහ ඒ වටා පෙල ගැස්වුනු වටපිටාව පිලිබඳවත් මෙම විනාඩි කිහිපය තුල ඔබට දැන ගැනීමට පුළුවන්.
Dec 18, 2020
15 min
Idikada S01 E34
සාහිත්‍යය සහ සංගීතය යනු මිනිස් මනසේ පතුලටම කිදා බැසගත් අධ්‍යාත්මිකත්වයේ ප්‍රකාශනයන් ය. ඉදිකඩ යනු ගීතය තුල ඇති හුදු  අරුත පමණක් විමසන තවත් එක් විචාරාත්මක වැඩසටහනක් නොවේ. ගීතය සහ සංගීතය සමඟ බැඳෙන සියල්ලම පිලිබඳව කතිකාවට ගනු ලබන සයිබර් මණ්ඩපයකි. එනිසා මෙතෙක් දිගහැරුණු ආකෘතියෙන් මඳක් මිදී, විශ්ව සාහිත්‍යය සමඟ ඉතාමත් මධුර මනෝහර සුභාවිත ගීතයක් සමපාත කිරීමට කල්පනා කලෙමු.... මේ, ඒ සුවිශේෂි අත්හදා බැලීමයි...
Dec 11, 2020
15 min
Idikada S01 E33
මේ ලොව තුල සිටින මිනිසුන් විවිධාකාරය. එනිසා අපට කිසි විටෙක හොඳ පමණක් ඇති මිනිසුන් හෝ නරක පමණක් ඇති මිනිසුන් හමු නොවේ. ඔවුන් වටහාගැනීම අතිශය දුෂ්කර කාර්‍යයකි. කුඩා දරුවෙකුට මේ බව වටහා දීම ඊටත් වඩා දුෂ්කර කටයුත්තකි... නමුත් නව යොවුන් වියට පා තැබූ තම ආදරණීය දියණියට , මේ ලොව තුල  ජීවත් වන ආකාරය පහදා දෙන මව් කෙනෙකු අද අපේ ගීතයට පසුබිම් වී ඇත... ගීතයක් තුලින් සමාජය කියවීම අරඹයා දිගහැරෙන තවත් සුවිශේෂි ඉදිකඩ දිගහැරුමකි මේ...   කථනය - සහන් සමරසිංහ  විචාරය - ලක්ෂාන් මධුරංග
Dec 4, 2020
20 min
Idikada S01 E31
එක්තරා යුගයක ලාංකීය ඉතිහාසයේ සංගීත ගුවනේ , ඔවුහු අති දීප්තිමත් තාරකාවෝ වූහ. එම යුගය ද ඔවුන්ට ස්වර්ණමය යුගයක් විය... නමුදු, ස්වයංක්‍රීය ලෙස ප්‍රබුද්ධ වූ පිරිසකට , ඔවුහු ප්‍රබුද්ධ නොවූ ' පීචං ' පිරිසක් විය... නමුත් එම යුගයේ රසිකයන්ගේ ප්‍රේමාන්විතභාවයේ තේමා ගී ගැයූ විරුවන් ඔවුන් විය....... ඒ කෙසේ වුවත්, අදටත් ඔවුහූ ලාංකීය සංගීත පරපුරයන්හී සංස්කෘතිකමය අසරණ වූවන් වෙති... කිසිදු විචාර හෝ සංවාදයන්හී මාතෘකාවන්ට බඳුන් නොවූ ඔවුන් පිලිබඳව කෙරෙන ඓතිහාසික සංවාදයයි මේ...
Nov 20, 2020
34 min
Idikada S01 E30
අභිමානවත් තිස්වන ගමනාන්තයට ලඟා වූ ඉදිකඩ කාර්‍යය මණ්ඩලයේ නවමු අත්හදා බැලීමකි.... " ශ්‍රී ලංකාවේ ගීත සාහිත්‍යය තුල ඔවුන්ගේ සුසංයෝගයෙන් නව යුගයක් සනිටුහන් විය. ගීපද රචනා කේෂ්ත්‍රය තුලට සේම සංගීතය තුලද ඉතා අමරණීය නිර්මාණ බිහිකිරීමට ඔවුන් දෙපලට හැකි විය. මේ ඔවුන්ගේ සුසංයෝගයෙන් නිර්මිත වූ අති මිහිරි ලයාන්විත ගීයක රසාලිප්තය සොයා යන සංවාද චාරිකාවයි... "
Nov 13, 2020
24 min
Idikada S01 E29
වර්තමාන ශ්‍රී ලාංකීය ආර්ථිකයට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන්නේ අති විශාල දායකත්වයකි. ඒ අතරින් ගෘහ සේවය සඳහා යන කාන්තා ශ්‍රම බලකාය විශේෂිත වේ. එනිසාම ඔවුන් පිලිබඳ නොයෙකුත් විදියේ සමාජ කතිකාවන් ගොඩනැඟී ඇත. නමුත් මෑත කාලයේදී නොයෙකුත් රැකියා සඳහා විදේශගතවන ලාංකීය තරුණ පිරිසද ප්‍රමාණාත්මකව වැඩි වී ඇත. විශේෂයෙන් කොරියාව වැනි රටවල්වල අපේ රටේ තරුණයින් විශාල ප්‍රමාණයක් සේවය කරයි. කෙසේ වුවත් ඔවුන්ගෙන්අති බහුතරයක් එකී රටවල්වල ගත කරන්නේ සුව පහසු ජීවිතයක් නොවේ. ඉතාමත් කටුක කාල පරිච්ඡේදයක් ගත කරමින් ඔවුන් අප රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දෙයි. නමුත් ඔවුන් පිලිබඳව සමාජය තුල ඇත්තේ අඩු සංවේදිකමකි... එනිසා ඒ සියළු දෙනා වෙනුවෙන් අතිශය දුර්ලභ වූ මේ මිහිරි ගීතය තිලිණ කරන්නෙමු.....!!!!   කථනය - සහන් සමරසිංහ  විචාරය - ලක්ෂාන් මධුරංග
Nov 6, 2020
17 min
Idikada S01 E28
කල්පාන්තරයකට එක් වරක් පමණක් මේ විශ්වයේ පහලවන්නා වූ ඒ මහා ගුණෝපේති , අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය , සැබෑ බෞද්ධයන්ගේ පහන් සංවේගය උදෙසා විකාශය කරන සුවිශේෂි ඉදිකඩ වැඩසටහන....  බෞද්ධ, අබෞද්ධ සියලු මනුෂ්‍යයන් පිං සිතින් සවන් යොමත්වා....  
Oct 30, 2020
21 min
Idikada S01 E27
ජීවිතය තුල අප කොපමණ දේවල් යම්තාක් දුරට හෝ අවබෝධ කර ගත්තද, ස්ථිර ලෙස අර්ථ දැක්විය නොහැකි, එහෙත් අප ආත්මය සමඟ බැඳී පවතින දෙයක් වේ.... ඒ ප්‍රේමයයි..... දුක සහ සතුට විටින් විට නොයෙක් කාලයන්හී , නොයෙක් අයුරින් ප්‍රේමය අපට ගෙනේ. එය එක්තරා ආකරයකට පරිත්‍යාගයක් වන අවස්ථාද වේ... මෑත කාලයේ කතාබහට ලක්වූ නව පරපුරේ ඉතා සංවේදී ගීතයක් පිලිබඳව සහ ගීත විචාරයකට වඩා තරමක් වෙනස් කතිකාවතක් මෙවර අපි ඉදිරිපත් කරන්නෙමු...    කථනය - සහන් සමරසිංහ විචාරය - ලක්ෂාන් මධුරංග
Oct 23, 2020
20 min
Idikada S01 E26
ජීවිතය පියගැටලෙක් වැනිය. අප එහි පඩියෙන් පඩිය යා යුතුය. එහි සෑම පඩියකම කිසියම් සිහිනයක් ඇත. නමුත් ඒවා සැබෑ වන්නේ අවශ්‍ය කාලයන්වලදී අප එ් මත පා තැබුවොත් පමණි.  කාලය එලැඹීමටත් පෙර අප එහි පා තැබුවොත් අපට මුහුණ පෑමට සිදු වන්නේ අභාග්‍යසම්පන්න ඉරණමකටය.. මේ එසේ තම ජීවන මඟ වරද්දාගත් දියණියකගේ පාපොච්ඡාරණයයි....   කථනය - සහන් සමරසිංහ  විචාරය - ලක්ෂාන් මධුරංග
Oct 16, 2020
20 min
Idikada S01 E06
Today we talk about love...
May 29, 2020
16 min
Load more