Show notes
මේ ලොව තුල සිටින මිනිසුන් විවිධාකාරය. එනිසා අපට කිසි විටෙක හොඳ පමණක් ඇති මිනිසුන් හෝ නරක පමණක් ඇති මිනිසුන් හමු නොවේ. ඔවුන් වටහාගැනීම අතිශය දුෂ්කර කාර්‍යයකි. කුඩා දරුවෙකුට මේ බව වටහා දීම ඊටත් වඩා දුෂ්කර කටයුත්තකි... නමුත් නව යොවුන් වියට පා තැබූ තම ආදරණීය දියණියට , මේ ලොව තුල ජීවත් වන ආකාරය පහදා දෙන මව් කෙනෙකු අද අපේ ගීතයට පසුබිම් වී ඇත... ගීතයක් තුලින් සමාජය කියවීම අරඹයා දිගහැරෙන තවත් සුවිශේෂි ඉදිකඩ දිගහැරුමකි මේ...
කථනය - සහන් සමරසිංහ
විචාරය - ලක්ෂාන් මධුරංග

