Show notes
සාහිත්‍යය සහ සංගීතය යනු මිනිස් මනසේ පතුලටම කිදා බැසගත් අධ්‍යාත්මිකත්වයේ ප්‍රකාශනයන් ය. ඉදිකඩ යනු ගීතය තුල ඇති හුදු අරුත පමණක් විමසන තවත් එක් විචාරාත්මක වැඩසටහනක් නොවේ. ගීතය සහ සංගීතය සමඟ බැඳෙන සියල්ලම පිලිබඳව කතිකාවට ගනු ලබන සයිබර් මණ්ඩපයකි. එනිසා මෙතෙක් දිගහැරුණු ආකෘතියෙන් මඳක් මිදී, විශ්ව සාහිත්‍යය සමඟ ඉතාමත් මධුර මනෝහර සුභාවිත ගීතයක් සමපාත කිරීමට කල්පනා කලෙමු.... මේ, ඒ සුවිශේෂි අත්හදා බැලීමයි...

