Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast අපි අවුරුද්ද සමරන ඒ විශේෂ දවස අද ! | 1st Anniversary Episode
1 hour Posted Apr 10, 2022 at 1:09 pm.
0:00
1:00:09
Download MP3
Show notes

අද දවස විශේෂයි. ඔව් අද ඔබටත් මටත් විශේෂයි. Level up මාවතක සුන්දර මතක සටහනක් සනිටුහන් කරන දවස අදයි. නොකඩවා සති 52ක් පුරාවට කැපකිරීම් රාශියක් මැද, නිදිවර්ජිත රාත්‍රී මතකයන් පසුකොට, සතුටු සිනහ සතුටු කදුලු පපුවට තද කරන් අපේ ජයග්‍රාහී මාවතේ වර්ශ පූර්ණ milestone එක පසුකරන දවස අදයි. 2021/04/12 වැනි දින සයිබර් අවකාශයෙහි YouTube වෙත අපේ පළමු video එක රැගෙන ආව. එතැන් පටන් අපි නොනවත්වා සෑම සතියකම ඉරු දින අනිවාර්යයෙන් ඔබත් සමග එකතු උනා. මේ සැමරුම තවත් අරුත් ගන්වනු වස් අපි සූදානම් කෙරූ විශේෂ videoවක් මෙමස 12 වැනි දින රැගෙන එන පොරොන්දුව ඔබට දෙන්න මෙය අවස්ථාවක් කරගන්නවා. ඉතින් මේ සතිය අපි වෙන්කලේ අපේ මතකයන් ගැන කතාබහ කරන්නට. සුන්දර සතුටු කාලයක් අපි තිදෙනා ඔබත් සමග ගත කලා. තවත් වසර ගනනක් පුරාවට ඔබත් මමත් මුණගැසෙන සිතිවිල්ල පෙරදැරි කරගෙන ඔබට මේ ආරාධනය රසවිඳින්න Tri-Angle 1st Anniversary Episode.