Show notes
අද කතාබහ තරමක් වෙනස්! රටවල් තුනේ අද්දැකීම් හුවමාරුවක්. ලෝකයේ එක් කොනක අයිස් මිදෙන සීතලක්. අනෙක් කොනක සෞම්‍ය දේශගුණික තත්ත්වයක්. ඉතින් ඔව් අද අපේ chat එක වැදගත් වෙනව AUS,NZ,CA එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ සියලු දෙනාටම. කමාජ් අයියාගේ ආරාධනාවෙන් අපි තුන් දෙනාම සහභාගී වී කල "Sri Lankan Tag" game එකත් අද video එකෙන් ඔයාලට බලන්න හැකියාව තියනව. ලස්සන fun segment 1ක් එක්ක ආව මෙවර episode එක වෙනසක් වෙයි කියල අපි විශ්වාස කරනව. ඔබට ජය!



