Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
මේ රටවල් International Studentsලට open කරන දවස | Tri-Angle Podcast EP 016
57 minutes Posted Jul 29, 2021 at 3:10 am.
0:00
57:58
Download MP3
Show notes

COVID-19 අපි හැමෝටම එකම විදියට දැනෙනවද? ඔව් ඒක හොද ප්‍රශ්නයක් ! අපි තුන්දෙනාම ඉන්න රටවල් සහ අපි තුන්දෙනාගෙම මවු රට මේ global pandemic එකට මුහුණ දෙන ආකාරය ගැන කල පොඩි කතා බහක් තමයි  අද podcast episode එක. විටින් විට මතුවන covid රැලි හා ඊට අනුකූලව මේ රටවල් තුනේම සංචරණ නීති රීති හිටිහැටියේ වෙනස් වන ආකාරය, border restrictions, ලංකාවේ අපිට නැවත පුරුදු පරිදි මේ රටවල සංචාරය කිරීමට ලැබෙන දිනය? , ඔව් මේ සියල්ල අපිටත් තවම හරි පිලිතුරක් නැති උභතෝකෝටිකයක්. මේ දේ ගැන අපිට දැනෙන ආකාරය ගැන කතා කරන්න මේ සතිය අපි වෙන්කලා. බලාපොරොත්තු තමයි අපේ  ජීවිත ගමනට ඉනිවැටක් වෙන්නෙ, ඉතින් රට යන්න ඔයාලට තියන සුන්දර බලාපොරොත්තු නැති කර නොගෙන හොදින් මේ කාලය ප්‍රයෝජනවත් දෙයකට යොමු කිරීම ගැනත් සදහන් කරන්න අපි අමතක කලේ නැහැ. ඔබ සියලු දෙනා අපට දෙන සහයෝගය තමයි අපිට මේ podcast එක කරගෙන යන්න ශක්තියක්  වෙන්නෙ. මේ ඇරයුම රසවිදින්න Tri-Angle Podcast Episode 16.