AudiTip Nippon
AudiTip Nippon
Team D.I.
[Tips24-Sinhala] කොරෝනා එන්නත ලබා ගැනීමෙන් පසු රෝගී වූ අවස්ථාවල ජපන් රජය විසින් ලබාදෙන සහන ක්‍රමවේදය පිළිබඳව
3 minutes Posted Jul 8, 2021 at 3:43 pm.
0:00
3:20
Download MP3
Show notes

(එන්නත ලබා ගැනීමෙන් පසුව සෞඛ්‍යයට සිදුවන හානිය සඳහා සහන ක්‍රමවේද)

Text by Osamu Saito,  Miduho Morita (2021/06/07)     Translation and Narration by  Manosha Rajapaksha


N1) කොරෝනා එන්නත ලබාදීමෙන් පසු, රෝගී තත්ත්වයන්ට පත්වීමත්,  ආබාධිත තත්ත්වයන්ට පත්වීමත්,  මරණයට පත්වීමත් ආදී අවස්ථාවල, ජපන් රජය විසින් ඔබට මුදල් ලබාදෙන ක්‍රමවේදයක් හදුන්වාදී ඇත. එය නම් කරනු ලබන්නේ, “ කොරෝනා එන්නත ලබාදීමෙන් පසු සෞඛ්‍යය ට සිදුවන හානි සඳහා වන සහන ක්‍රමවේද ය” යනුවෙන් ය.

N2)එන්නත ලබා දීමෙන් පසු, ශාරීරික තත්ත්වය අයහපත් බවට පත්වන අවස්ථා තිබෙන අතර, එවැනි තත්ත්වයන් අතුරුප්‍රතික්‍රියා ලෙස හඳුන්වනු ලබන්නේ, කොරෝනා වෛරසයෙන් ඔබව ආරක්ෂා කරන ප්‍රතිශක්තිය ඔබේ ශරීරය තුළ නිර්මාණය කළ හැකි බැවිනි.  ආසාත්මිකතාවයන් ඇති පුද්ගලයින්ට ද ,  ඖෂධ ලබා ගනිමින් සිටින පුද්ගලයින්ට ද අතුරුප්‍රතික්‍රියා ඇති විය හැකිය. සාමාන්‍යයෙන් දින කිහිපයකට පසුව නැවත යථා තත්ත්වයට පත් විය හැකිය. නමුත්,  දුර්ලභ අවස්ථාවන් වල දී , දින කිහිපයකට පසුව ද රෝගී විය හැකි අතර,  අයහපත් තත්ත්වයන් දිගු කාලීනව පැවතිය හැකිය. එය ස්නායු රෝග වැනි බරපතල රෝගාබාධවලට ද හේතු විය හැකිය. ඔබට යම්කිසි ආකාරයේ අපහසුවක් ඇත්නම් වහාම රෝහල් වෛද්‍ය  පරීක්ෂණයක් ලබා ගන්න.

N3)මෙම ක්‍රමය භාවිතා කරන්නේ නම්,  ඉහත සඳහන් කරන ලද අවස්ථාවලදී , ඔබ විසින් ගෙවන ලද රෝහල් වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව සහ රෝහල් ගතකිරීමේ ගාස්තුව ආදී වන සියලුම ගාස්තුවලින් කොටසක් ආපසු ලබා ගැනීමට ඔබට හැකියාව ඇත. කරුණාකර ඔබේ පදිංචිය පිළිබඳ ලේඛන ගොනුකර තිබෙන මහනගර සභාව සමග සාකච්ඡා කරන්න.

N4)ඔබ ලේඛන ඉදිරිපත් කරනවිට එම ලේඛන විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කරනු ලබන අතර එන්නතෙහි බලපෑම තහවුරු වුවහොත් මුදල් ලැබෙනු ඇත. උදාහරණයක් ලෙස   ඔබ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙවන ලද ගාස්තුව ආපසු ලබා දෙනු ඇත. ඔබව රෝහල් ගතකර ඇත්නම් මසකට යෙන් 30,000ක පමණ වෛද්‍ය ප්‍රතිකාර දීමනාවක් ලබා ගත හැකිය. ඔබට ආබාධ තත්ත්වයක් ඇති වී තිබේ නම්, වසරකට යෙන් මිලියන 3ක  සිට මිලියන  5 ක් දක්වා ලැබෙනු ඇත. මිය ගිය අවස්ථාවලදී පවුලේ අයට මුදල් ලැබෙනු ඇත.

N5)ලේඛන  පරීක්ෂා කිරීමේදී මාස කිහිපයක් ගත වුවද,  එය ඔබේ උපකාරය සඳහා වේ.මහනගර සභාවෙන් තැපෑල හරහා ඔබට ලැබුණු “එන්නත් ටිකට් පත” සහ එන්නත් කිරීමෙන් පසුව ලැබෙන “එන්නත් සහතික පත්‍රය” ද රෝහලේදී ඔබට ලැබෙන ලේඛන ආදිය ද ඉවත නොදමා සුරැකිව තබා ගන්න.


[reference]

予防接種健康被害救済制度について  厚労省

https://www.mhlw.go.jp/bunya/kenkou/kekkaku-kansenshou20/kenkouhigai_kyusai/

自治体からの発信例 広島県

https://www.city.hiroshima.lg.jp/site/korona/221491.html

新潟県新型コロナワクチン医療健康相談センター

https://www.youtube.com/watch?v=MZlneslQZP0&t=354s