Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
PERSPECTIVE හතරක්, රටවල් හතරක්, අද එකම තැනක! | Magic Compass අපේ Buchi එක්ක | Tri-Angle Podcast EP 024
1 hour 52 minutes Posted Sep 27, 2021 at 1:49 am.
0:00
1:52:49
Download MP3
Show notes

SHOW LESSTri-Angle අපිට අද විශේෂ දිනයක්,   ඔව් ඒ මොකද කිව්වොත් අපි කාලයක් තිස්සේ මුලපුරමින් සිටි කටයුත්තක් මල්පල ගැන්වෙන දවස ලෙස අද දවස හදුන්වන්න පුලුවන්.  ඉතින් අටුවා ටීකා පසෙකලා කතාව දිගහැරියොත්, PERSPECTIVE, මොකද්ද මේ perspective කියන්නේ? මේ ලෝකේ හැදිලා තියෙන විදිහ එක වුණාට, මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු විවිධාකාරයි, හැඟීම්, දැනීම්, සිතුම් පැතුම්, ලෝකේ දකින විදිය,  එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්, නමුත් මේ වෙනස තුල ගැබ්වෙන්නේ අසීමාන්තික සුන්දරත්වයක්, අන්න ඒ වෙනස හරහා අපි හැමෝම ලෝකය දකින විදිහ තමයි මේ perspective එක කියන්නේ! අපි එක්ක අද එකතුවෙන්නේ ලංකාවේ YouTube කලාවේ දැවැන්තයෙක්, හැබැයි නිහතමානී දැවැන්තයෙක්! ඔහු නමින් අනුරාධ නානායක්කාර. විටෙක කවියෙක් රචකයෙක් කලාකරුවක් වන මොහු තවත් විටෙක DOP වරයෙක්, කැමරා ශිල්පියෙක් සහ multi-talented Youtube නිර්මාපකයෙක්ද වනවා. ඉතින් මේ ආගමනයත් සමග තුන්කොන් දැක්ම, සිව්කොන් වන්නේ නිරායාසයෙන්මයි.  අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැති Magic Compass සහ Kuchi & Buchi යන channel වලින් අප හමුවට එන අනුරාධ අයියා අද ඔහුගේ perspective එක අපේ Tri-Angle podcast එකට ගෙනැවිත් බොහෝම වටිනා හෝරා කිහිපයක් තුලින් බොහෝමයක් දේ සාකච්ඡා කලා. අනුරාධ අයියාට ස්තුතියි කියන ගමන් අපේ රසික ඔබ සැමට අද episode එක වෙනස්ම අද්දැකීමක් වනු ඇතැයි මතක් කරන්නට කැමතියි. විශේෂ කඩඉම් කිහිපයක්ම පසුකර ඇති මේ මොහොතේ අපට දැනෙන සතුටේ සැබෑ හිමිකරුවන් වන්නේ ප්‍රේක්ෂක ඔබ සැමයි. වැඩි කතා මොකටද නේද, සියල්ල ගැලපෙන්න රසවත් හරවත් දීර්ඝ episode එකක් මෙවර අපි ගෙන එනව. ඔබේ අදහස් උදහස් අපිට කියන්න, episode එක හොදයි නම් like එකක් දාල share කරන්න. ඔබට ජය ✌️  !  PS: ආ... අද episode එකේ සාරාංශය තමයි,"කන්න ඕන, බොන්න ඕන, ආතල් එකේ ඉන්න ඕන මොකද අපි හැමෝම මිනිස්සු".