AudiTip Nippon
AudiTip Nippon
Team D.I.
[Tips25-Sinhala] කොරෝනා වෛරසය පැතිරීම අතරතුර ශරීර උෂ්ණත්වය ඉහල යාම පිළිබඳව විමසිලිමත් වෙමු. එක කොටස
4 minutes Posted Jun 27, 2021 at 12:26 pm.
0:00
4:15
Download MP3
Show notes

Text by Kazuko Morita , Miduho Morita (2020/07/12)  Translation and Narration by Manosha Rajapaksha


N1)  ජපානයේ ගිම්හාන ඍතුවේදී පරිසර උෂ්ණත්වයත් ආර්ද්‍රතාවයත් ඉහළ මට්ටමක පවතින නිසා “ශරීර උෂ්ණත්වය ඉහළ යාම"ට ලක්වන පුද්ගලයින් සංඛ්‍යාව වැඩි වේ. කොරෝනා වෛරසයෙන් වැළකීම සඳහා මුඛ ආවරණ පළඳින පුද්ගලයින් මෙන්ම මුහුණු ආවරණ පළඳින පුද්ගලයින් ද බහුලව සිටියි. උණුසුම් ගිම්හානය ගතකරන ආකාරය පිළිබඳව පෙර වසරවලට සාපේක්‍ෂව මෙම වසරේදී විවිධ උපක්‍රම භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ.

N2) ජපානයේ ගිම්හාන ඍතුව, ජූනි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා පවතියි. අධික උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය හේතුවෙන් දෛනික ජීවිතය ගත කිරීමට අපහසුවීමත් විශේෂ ලක්ෂණයකි. තවද ගිම්හාන ඍතුවේ දී , සාමාන්‍ය උෂ්ණත්වය සෑම වසරකම ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන අතර, මෙම වසරේ ගිම්හාන ඍතුවේදිත් වඩාත් උණුසුම් වී තිබේ.

N3) සෑම වසරකම මිනිසුන් 50,000කට අධික පිරිසකට “ශරීර උෂ්ණත්වය ඉහළ යාම” හේතුවෙන් , ගිලන්රථවලින් රෝහල් කරා ගෙන යනු ලබයි. එමෙන්ම, තරුණ පුද්ගලයින් මෙන්ම නිරෝගී පුද්ගලයින් ද මෙම “ශරීර උෂ්ණත්වය ඉහළ යාම”ට ලක්වනු ලබයි.

N4) පරිසර උෂ්ණත්වය ඉහළ යන විට, ශරීර උෂ්ණත්වය ද ඉහළ යනු ලැබේ. ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමට දහඩිය පිටකළද, ආර්ද්‍රතාවය ඉහළ යන විට දහඩිය ශරීරයෙන් වාෂ්පීකරණය කිරීමට අපහසු වන නිසා, උෂ්ණත්වය ශරීරය තුළ එකතුවීම හේතුවෙන් ශාරීරික උෂ්ණත්වය ඉහළ යනු ලබයි. පරිසර උෂ්ණත්වයට අනුව ශාරීරික උෂ්ණත්වය ද හොඳින් පවත්වාගෙන යාමට වගබලාගත යුතුය.

N5)ඔබට මෙවැනි ශාරීරික ලක්ෂණ පවතිනවාද?

・ක්ලාන්ත ගතිය සමග හිසරදය

・ශරීරයට අප්‍රාණික බව සහ පිළිකුල් සහගත බවක් දැනීම

・ශාරීරික උෂ්ණත්වය ඉහළ යන අතර සම රත්පැහැ ගැන්වීම

・ඇඟපත වේදනාවන් සහ මස්පිඩු වේදනාවන් ඇතිවීම

・දැඩි ලෙස දහඩිය දැමීම

・ජලය පානය කිරීමට නොහැකි වීම

・ඇවිදීමට අපහසු වීම හෝ වචන පිට නොවීම

・මානසික නිරවුල්බාවයක් නොමැතිවීම

N6) සූර්යාලෝකයේ වෙනස දැඩිවන අතර, පරිසර උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය ඉහළ යත්ම සුළං හැමීම නොවන අවස්ථාවවලදී විශේෂයෙන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.

කාමරය තුල දී වුවත් ශාරීරික උෂ්ණත්වය ඉහළ යාම සිදු වේ. එමෙන්ම ශරීරය චලනය කිරීම, වැඩවල නිරත වීම , නිදාගැනීම ආදී අවස්ථාවල දී ද ශාරීරික උෂ්ණත්වය ඉහළ යාම සිදු වේ.

N7)ස්වල්ප වශයෙන් හෝ විවේක ගෙන ශරීරය සිසිල් කරගැනීමට අවධානය යොමුකර යුතුය. හිරු බැස යන විට, හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම ද  ශක්තිජනක පාන වර්ග පානය කිරීමට ද කාරුණික වන්න.

මානසික නිරවුල්බාවයක් නොමැති වීමත්, කතාබහ කිරීම අපහසු අවස්ථාවලත් ශාරීරික උෂ්ණත්වය ඉහළ යාම අනතුරුදායක වේ. මෙවන් අවස්ථාවලදී රෝහල කරා රැගෙන යාමට ගිලන්රථයකට දැන්වීමට වගබලාගත යුතු වේ .

තනිව ජීවත්වන අය ද , මහළු අය ද, කුඩා ළමුන් ද තමන් පිළිබඳව විමසිලිමත් නොවන අවස්ථාවල , ශාරීරික උෂ්ණත්වය ඉහළ යාම සිදුවිය හැකිය. එම නිසාම, පවුලේ අය සහ මිතුරන් එකිනෙකා සමග සැලකිලිමත්ව කටයුතුවල නිරත විය යුතුය.

Source:

厚労省 熱中症予防行動

https://www.city.kimitsu.lg.jp/uploaded/attachment/22256.pdf

ケアネット(Care net)

「withコロナの夏に5つの提言/日本感染症学会・日本救急医学会・日本臨床救急医学会・日本呼吸器学会」2020.06.11

https://www.carenet.com/news/general/carenet/50229?utm_source=m15&utm_medium=email&utm_campaign=2020061201「新型コロナウイルス感染症の流行を踏まえた熱中症予防に関する提言」

『新しい生活様式』下における熱中症予防に関する学術団体からのコンセンサス・ステートメント2020.06.01

http://www.kansensho.or.jp/uploads/files/news/gakkai/covid19_teigen_2006.pdf

「熱中症とは」ドクターズ・ファイル

https://doctorsfile.jp/medication/233/

株式会社タニタ 熱中症の原因と対策

https://www.tanita.co.jp/health/exercise/heatstroke/

気象庁 日本の季節平均気温

https://www.data.jma.go.jp/cpdinfo/temp/sum_jpn.html