======= كلمات الحياة" ، "الأخبار السارة" ، "الأغاني الإنجيلية" - الأسرة العربية والخليجية واللغات العربية الأخرى المستخدمة في قطر" // "Words of Life", "Good News", "Gospel Songs" - Arabic Family, Gulf and Other Arabic Languages Spoken in Qatar=======
======= كلمات الحياة" ، "الأخبار السارة" ، "الأغاني الإنجيلية" - الأسرة العربية والخليجية واللغات العربية الأخرى المستخدمة في قطر" // "Words of Life", "Good News", "Gospel Songs" - Arabic Family, Gulf and Other Arabic Languages Spoken in Qatar=======
QatarWordsofLife
"දේව කරුණාව" - සිංහල ක්‍රිස්තියානි ගීතය.3gp
2 minutes Posted Nov 5, 2022 at 10:00 am.
0:00
2:55
Download MP3
Show notes
Sinhala Christian Song - "God's Grace".3gp / 3gp."الأغنية المسيحية السنهالية - "نعمة الله //1 කොරින්ති 15යේසුස්වහන්සේගේ නැවත-නැගිටීම. උන්වහන්සේ කරණකොටගෙනවූ මළවුන්ගේ නැගිටීම1තවද, සහෝදරයෙනි, මම නුඹලාට දේශනාකළාවූ, නුඹලා පිළිගත්තාවූ, නුඹලා පිහිටා සිටින්නාවූ, 2නුඹලා ගැළවීමට පැමිණෙවුවාවූ ශුභාරංචිය නුඹලාට දන්වමි. මා නුඹලාට ප්‍රකාශකළ කාරණා නුඹලා අල්ලාගෙන සිටින්නහු නම්, කුමන වචනවලින් එය නුඹලාට දේශනාකෙළෙම්දැයි දන්වමි. නැත්නම් නුඹලා නිෂ්ඵලලෙස ඇදහුවහුය. 3ඉතින් මාත් ලබාගත් දේ සියල්ලට පළමුවෙන් නුඹලාට භාරදුනිමි, එනම්, ලියවිලිවල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස්වහන්සේ මැරුණු බවත්, 4උන්වහන්සේ තැන්පත්කරනු ලැබූ බවත්, ලියවිලිවල ප්‍රකාරයට තුන්වෙනිදා උන්වහන්සේ නැගුටුවනු ලැබූ බවත්, 5කේපස්ටද පසුව දොළොස්දෙනාටද පෙනුණු බවත්ය. 6ඉන්පසු උන්වහන්සේ එකවිටම පන්සියයකට වඩා සහෝදරයන්ට පෙනුණුසේක. ඔවුන්ගෙන් වැඩිදෙනා මේ දක්වා සිටිති, සමහරු සැතපුණෝය. 7ඉන්පසු උන්වහන්සේ යාකොබ්ටද පසුව සියලු ප්‍රේරිතයන්ටද පෙනුණුසේක. 8සියල්ලන්ට පසු, අකලට උපන් තැනැත්තෙක් වැනිවූ මටත් උන්වහන්සේ පෙනුණුසේක. 9මක්නිසාද මම ප්‍රේරිතයන්ගෙන් ඉතා කුඩා තැනැත්තාය. මම දෙවියන්වහන්සේගේ සභාවට පීඩාකළ බැවින් ප්‍රේරිතයෙකැයි කියනු ලබන්ට නොවටිමි. 10නුමුත් මම යම් ස්වභාවකට පැමිණ සිටිම්ද එසේ සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ මට දුන් අනුග්‍රහය නිෂ්ඵල නොවීය; මම ඔවුන් සියල්ලන්ට වඩා බොහෝසෙයින් වැඩකෙළෙමි. නුමුත් එසේ කළේ මා නොව මා කෙරෙහි තිබුණාවූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයය. 11එබැවින් මා වුණත් ඔවුන් වුණත් එසේ අපි දේශනාකරමුව, එසේ නුඹලා අදහාගත්තහුය.